Monday, September 19, 2022

රියැලිටිය

 දුටුවාද....

ඉල්ලා හඩයි පාට සායම්
අතුල්ලා ගන්න සියොළග
වැටෙන කදුලින් සේදෙන
හමන සුසුමින් වේලෙන
කළු දුබුටින් හැඩි වූ 
සුදු ජීවිත කතන්දරය...

උපතින් මිට මොලවාගත්
සදුන් ගැට නොමැතිව
මහෞෂධලා වන්න දත් කන
දිසාපාමොක්ලාගේ දයා හිත නැතිව
අකුරු අහුලන්න දගලන...

ඊටත් පෙරින් ...
හිතේ ගින්නට වැඩියෙන්
බුර බුරා නැගෙන බඩේ ගින්දර
හෑල්ලුවට පොරකමින් හුළං බොන
සුනීත සෝපාක ජීවිත ....


12 comments: