Friday, October 14, 2022

අල්-තීනා-යි !


යකඩ යකාගෙ සද්දෙ

මැද්දෙන් තාමත්
ඒ හඩ
ඒ වචන
මට නිතරම ඇහෙනවා
දුයිෂෙන්...
වැඩුණු පොප්ලර් ගස් දෙක
අතරින් අතීතයට යන
හැමවිටම
මගේ හදවතේ ඉතිරිය
එහි ඇති බව
මට සිතෙනවා
දුයිෂෙන්...
ඒත් ,,,,
දවස තිස්සෙම අයිලයේ
කරක්ගහන
නුඹට
"දයාබර නුඹේ පුංචි කෙල්ල"
මතක් වෙන්නේ නැතිද
දුයිෂෙන්...

8 comments: